අනුරාධපුර, තිරප්පනේ, ගල්කුලම ප්‍රදේශය ඊයේ රාත්‍රියේ එක මොහොතකින් යුධ පිටියක් බවට පත් විය. නොසිතූ මොහොතක සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමත් සමඟ මුළු ප්‍රදේශයම කම්පාවට පත් විය.
ඊයේ (ජූනි 25) රාත්‍රී කාලයේ සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් වෙඩි වැදී ඇත්තේ මිහින්තලය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් මේ වන විටත් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව වාර්තා වේ.
කවුරුන් විසින් මෙම අමානුෂික ක්‍රියාව සිදු කළේද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, සැකකරුවන් කඩිනමින් නීතිය හමුවට පමුණුවන බවට පොලීසිය පොරොන්දු වෙයි.
මෙම සිදුවීමෙන් ප්‍රදේශවාසීන් අතර දැඩි භීතියක් හා නොසන්සුන් බවක් පැතිරී ඇති අතර, අපරාධකරුවන් කවුරුන්දැයි සොයා ගැනීමට පොලීසියට හැකි වේවිද යන්න පිළිබඳව සියලු දෙනා බලා සිටිති.