2026 මාර්තු 20 සිකුරාදා, 12:46
නවතම පුවත්

අනුරාධපුරයේ ආරක්ෂාවට CCTV 47ක් – එකක්වත් වැඩ නැහැ

අනුරාධපුර නගරයේ ආරක්ෂාව සඳහා සවිකර ඇති CCTV පද්ධතිය තුළ කැමරා 47ක් සවිකර තිබුණද ඒ සියල්ල මේ වනවිට අක්‍රියව පවතින බව ප්‍රදේශයේ ජනතාව සහ නිලධාරීන් පවසයි.

නිලධාරීන් පවසන්නේ, මේ හේතුවෙන් නගරයේ සිදුවන අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් අනාවරණය කරගැනීමට තිබෙන අවස්ථාවද අහිමි වී ඇති බවය.

2017 වසරේදී අනුරාධපුර, හබරණ හා පොළොන්නරුව නගරවල ආරක්ෂාව සඳහා CCTV පද්ධති සැකසීමට
උතුරුමැද පළාත් සභාව පියවර ගෙන තිබුණේ රුපියල් මිලියන 7ක වියදමක් දරමිනි.

අනුරාධපුර නගරයේ CCTV කැමරා පද්ධතියක් සැකසීමේ අරමුණ වී තිබුණේ නගරයේ සිදුවන විවිධ අපරාධ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සඳහා පොලීසියට සහාය දැක්වීමක් ලෙසය.

නමුත් CCTV පද්ධතිය තුළ කැමරා 47ක් සවිකර තිබුණද මේ වනවිට ඉන් කිසිවක් ක්‍රියාත්මක වන්නේ නැත.

ඒ, CCTV පද්ධතිය සවිකළ පෞද්ගලික ආයතනය සමග තිබූ සේවා ගිවිසුම 2024 අප්‍රේල් මාසයේදී අවසන් වීම හේතුවෙනි.

අනුරාධපුර නගරය, නිරන්තරයෙන් සංචාරකයින් ගැවසෙන නගරයක් බැවින් එහි ආරක්ෂාව තහවුරු කිරීම බලධාරීන් සතු වගකීමකි.

නමුත්, ජනතාව, නීතීඥවරුන් සහ නිලධාරීන් චෝදනා කරන්නේ CCTV පද්ධතිය අක්‍රීයවීම, අනුරාධපුර නගරයේ ආරක්ෂාවට විශාල බලපෑමක් බවය.

මේ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අප උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාගෙන් විමසීමක් කළේය.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා,

“අපි අදාළ ආයතනය කැඳෙව්වා. ඔවුන් කිව්වේ දැනට තිබෙන CCTV පද්ධතිය යථාවත් කරන්න බැහැ කියලා. කල්ඉකුත් වී ඇති බව පැවසුවා. නැවත අලුත් CCTV පද්ධතියක් සවි කිරීම සඳහා ඔවුන් යෝජනා ඉදිරිපත් කරනවා කිව්වා. නමුත් මේ වනතෙක් යෝජනා ආවේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මණින් මේක සක්‍රීය කරන්න.”
(අද දෙරණ)

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories