2025 අගෝස්තු 15 සිකුරාදා, 06:49
නවතම පුවත්

අනුරාධපුරයේ ආරක්ෂාවට CCTV 47ක් – එකක්වත් වැඩ නැහැ

අනුරාධපුර නගරයේ ආරක්ෂාව සඳහා සවිකර ඇති CCTV පද්ධතිය තුළ කැමරා 47ක් සවිකර තිබුණද ඒ සියල්ල මේ වනවිට අක්‍රියව පවතින බව ප්‍රදේශයේ ජනතාව සහ නිලධාරීන් පවසයි.

නිලධාරීන් පවසන්නේ, මේ හේතුවෙන් නගරයේ සිදුවන අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් අනාවරණය කරගැනීමට තිබෙන අවස්ථාවද අහිමි වී ඇති බවය.

2017 වසරේදී අනුරාධපුර, හබරණ හා පොළොන්නරුව නගරවල ආරක්ෂාව සඳහා CCTV පද්ධති සැකසීමට
උතුරුමැද පළාත් සභාව පියවර ගෙන තිබුණේ රුපියල් මිලියන 7ක වියදමක් දරමිනි.

අනුරාධපුර නගරයේ CCTV කැමරා පද්ධතියක් සැකසීමේ අරමුණ වී තිබුණේ නගරයේ සිදුවන විවිධ අපරාධ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සඳහා පොලීසියට සහාය දැක්වීමක් ලෙසය.

නමුත් CCTV පද්ධතිය තුළ කැමරා 47ක් සවිකර තිබුණද මේ වනවිට ඉන් කිසිවක් ක්‍රියාත්මක වන්නේ නැත.

ඒ, CCTV පද්ධතිය සවිකළ පෞද්ගලික ආයතනය සමග තිබූ සේවා ගිවිසුම 2024 අප්‍රේල් මාසයේදී අවසන් වීම හේතුවෙනි.

අනුරාධපුර නගරය, නිරන්තරයෙන් සංචාරකයින් ගැවසෙන නගරයක් බැවින් එහි ආරක්ෂාව තහවුරු කිරීම බලධාරීන් සතු වගකීමකි.

නමුත්, ජනතාව, නීතීඥවරුන් සහ නිලධාරීන් චෝදනා කරන්නේ CCTV පද්ධතිය අක්‍රීයවීම, අනුරාධපුර නගරයේ ආරක්ෂාවට විශාල බලපෑමක් බවය.

මේ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අප උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාගෙන් විමසීමක් කළේය.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා,

“අපි අදාළ ආයතනය කැඳෙව්වා. ඔවුන් කිව්වේ දැනට තිබෙන CCTV පද්ධතිය යථාවත් කරන්න බැහැ කියලා. කල්ඉකුත් වී ඇති බව පැවසුවා. නැවත අලුත් CCTV පද්ධතියක් සවි කිරීම සඳහා ඔවුන් යෝජනා ඉදිරිපත් කරනවා කිව්වා. නමුත් මේ වනතෙක් යෝජනා ආවේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මණින් මේක සක්‍රීය කරන්න.”
(අද දෙරණ)

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories