2026 මාර්තු 25 බදාදා, 08:04
නවතම පුවත්

අනුමැතියකින් තොරව නිදහස් කළ රැඳවියාට CID විමර්ශන!

වෙසක් සමයේදී අනුරාධපුර බන්ධනාගාරයෙන් ඩබ්.එච්. අතුල තිලකරත්න නැමැති රැඳවියෙකු ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් බරපතල අක්‍රමිකතාවක් සිදුව ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව මෙම නිදහස් කිරීම සිදුවී ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමඟම, සිද්ධිය පිටුපස ඇති අභිරහස පිළිබඳව දැඩි අවධානයක් යොමුවී ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට ඉල්ලීමක් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තියට අනුව සිරකරුවන්ට පොදු සමාවක් ලබාදීමට ජනාධිපතිවරයාට බලය හිමි වුවද, ඩබ්.එච්. අතුල තිලකරත්නගේ නම ජනාධිපතිවරයා විසින් අනුමත කරන ලද නම් 388කින් යුත් ලේඛනයට ඇතුළත් වී නොමැති වීම මෙම නිදහස් කිරීමේදී ප්‍රධාන ගැටලුවක් වී ඇත.

සාමාන්‍ය ක්‍රියාදාමයට අනුව, බන්ධනාගාර අධිකාරීන් විසින් තෝරා ගන්නා සිරකරුවන්ගේ නාම ලේඛනයක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරන අතර, එම ලේඛනය පරීක්ෂා කිරීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කෙරේ. ඉන්පසු, ජනාධිපතිවරයාගේ අනුමැතිය මත පොදු සමාව හිමි වේ. කෙසේ වෙතත්, අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගතව සිටි අදාළ පුද්ගලයාගේ නම, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් ජනාධිපති කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමි විය යුතු සිරකරු නාමලේඛනයේ කිසිදු තැනක සඳහන් නොවීම බරපතල ගැටලුවක් වී ඇත.
මෙම සිදුවීම “ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධව” යන ශීර්ෂය යටතේ CID වෙත යොමු කර ඇති අතර, විධිමත් පරීක්ෂණයක් පවත්වා, වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවට ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරයි. මෙම සිදුවීමෙන් සමස්ත බන්ධනාගාර පද්ධතියේ සහ සමාව දීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳව ප්‍රශ්න මතු වී ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories