සිය බිරිඳගේ අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් හෙළි වීම නිසා, රත් කළ විදුලි ඉස්ත්‍රික්කයෙන් පුළුස්සා බරපතළ තුවාල සිදු කළ ඇගේ සැමියා ලබන මස 5 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිතබන්ධනාගාර ගත කරන ලෙස ගලගෙදර මහෙස්ත්‍රාත් හර්ෂණ ධනුෂ්ක රත්නායක මහතා නියම කරතිබේ.
ඇයගේ රහස් ප්‍රදේශයට සිදු වී ඇති බරපතළ පිළිස්සුම් හේතුවෙන් ඉතාමත් අසාධ්‍ය තත්ත්වයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හෙයින් සැමියා නැවත මෙසේ බන්ධනාගාර ගත කර තිබෙනවා. මෙසේ දඬුවම් පැමිණවූයේ හතරලියද්ද පොලිස් බල ප්‍රදේශයේ අයකුට වේ. හතරලියද්ද පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.