2025 අගෝස්තු 16 සෙනසුරාදා, 07:54
නවතම පුවත්

අනාරක්ෂිත ළිඳකට වැටී සිඟිත්තා සහ මාමා මරුට

යාපනය, සංගරත්තෙයි ප්‍රදේශයේ පිහිටි තීක්කිරායි වැව ආසන්නයේ වු අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් කුඩා දරුවෙකු හා දරුවාගේ මාමා ජීවිතක්ෂයට පත්ව ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලීසිය පවසයි.

මුලතිව්,රෙඩ්බානා ප්‍රදේශයේ පදිංචි දරුවා, මව සමඟ මවගේ මහ ගෙදර පැමිණ ඇති අවස්ථාවේ දරුවාගේ මාමා, දරුවා සමඟ වැව බැලීමට ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

එහිදි දරුවා හා දරුවාගේ මාමා වැව ආසන්නයේ වු අනාරක්ෂිත ළිඳකට වැටී ඇති අතර, දරුවා ජලයේ පාවෙනු දැක ප්‍රදේශවාසීන් වහාම දරුවා ජලයෙන් ගොඩගෙන යාපනය රෝහලට ඇතුළත් කොට තිබු අතර එහිදි දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනතුරුව දරුවා ජලයේ පාවී සිටි ස්ථානයේ වැඩිදුර පරීක්ෂා කිරීමේදී දරුවාගේ මාමාගේ මළසිරුර සොයා ගැනීමට හැකිවු බවද පොලීසිය පැවසීය.

යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී මියගිය දරුවාගේ හා මාමාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වඩ්ඩුකොඩ්ඩෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories