මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 04ක් උතුරු මුහුදේදී සිය භාරයට ගැනීමට නාවික හමුදාව පියවර ගෙන .
නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (09) දා සිදුකළ සෝදිසි මෙහෙයුමක් සිදුකර ඇති අතර,
ඒ අනුව මෙම යාත්‍රා 04 සමගින් ඉන්ධීය ධීවරයන් 21 දෙනෙකුද අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා හතර සහ එහි සිටි ඉන්දීය ධීවරයන් පිරිස කන්කසන්තුරය වරාය වෙත රැගෙන විත් ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.