2025 අගෝස්තු 15 සිකුරාදා, 00:59
නවතම පුවත්

අනවසරයෙන් ගුවන් යානයට ගොඩවෙන්න ගිය තරුණයා අත්අඩංගුවට.

කටුනායක ගුවන් තොටුපොළ මුර කපොලු තුළින් රිංගා ගොස්, ගුවන් යානා අංගනය තුළ නවතා තිබූ ගුවන් යානයකට අනවසරයෙන් ඇතුළු වීමට තැත් කළ තරුණයෙකු (12) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම තරුණයා කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ, සාන්ත ජෝශප් වීදියේ පදිංචි මොහොමඩ් පවුමි මොහොමඩ් නසීර් නැමැති 23 හැවිරිදි තරුණයෙක්.

මෙම තරුණයා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ මුර කපොලු අතරින් රිංගා ගොස්, ගුවන් තොටුපොළ ගුවන් යානා අංගනයේ නවතා තිබූ ඉන්දියාවේ චෙන්නායි නුවර බලා (12) දින අලුයම 03.45 ට පිටත්ව යාමට සූදානම් කර තිබූ ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ – 1172 දරන ගුවන් යානයට ඇතුළු වීමට තැත් කර තිබෙනවා.

එම අවස්ථාවේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

අනතුරුව සැකකාර තරුණයා කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත භාර දී තිබෙනවා.

එම තරුණයාගේ සොහොයුරෙකු පොලීසිය වෙත කැදවා සිදු කළ විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ අදාළ සැකකාර තරුණයා මානසික රෝගාබාධයකින් පෙළෙමින් සිටින බවටයි.

ඔහු ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ද ලබා ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් එම තරුණයා අද (12) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම අධිකරණය මඟින් මෙම තරුණයා පිළිබඳ මානසික රෝග වාර්තාවක් ලබා ගැනීමට ද නියමිත බව වැඩිදුරටත් වාර්තා වනවා

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories