2025 අගෝස්තු 15 සිකුරාදා, 11:26
නවතම පුවත්

අධිවේගී මාර්ගය නිධන් වලෙන් මතුවෙච්ච ගල කැබලි කිරිම අරඹයි

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ ඉදි වෙමින් ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ කැණීම් වලදි සොයාගත් ගල් කුට්ටිය කොටස්වලට කැබලි කිරීම ආරම්භ කර තිබේ.

ඒ , එහි නිධන් වස්තු ඇතැයි සැකයක් මතුවීම හේතුවෙන් ය.

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ ඉදි වෙමින් ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ අද කැණීම් සිදු කරන්නේ තුන්වැනි දිනටයි.

අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව මෙම කැණීම් සිදුකෙරේ.

මහජනතාව ඉදිරියේ සිදු වන මෙම කැනීමට රජයේ රස පරීක්ෂකවරයාගේ ද සහය ලබාගෙන තිබේ.

නිධායනයක් ඇතැයි කියමින් මේ ස්ථානයේ විවිධ පුද්ගලයින් පසුගිය කාල සීමාවේ කැනීම් සිදුකර තිබිණි.

ආසන්නතම සිදුවීම වාර්තාවුණේ, සැප්තැම්බර් 20 වැනිදා ය.

එහිදි නිධන් වස්තු සොයා මෙම ස්ථානයේ කැණීම් කළ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ය.

මේ පිළිබඳව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළ අතර , අධිකරණය පසුගිය 11 වැනිදා නියෝග කර ඇත්තේ දින දෙකක් ඇතුළත මෙහි කැණිම් කර අවසන් කරන ලෙසයි.

ඒ අනුව නිධන් වස්තු ඇතැයි සැකකරන විශාල ගල් කුට්ටියක් ඊයේ පස්වරුවේ මේ ස්ථානයෙන් සොයාගැනීමට හැකිවී තිබුණත් එය ගොඩගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ .

එලෙස සොයාගත් ගල් කුට්ටිය තුළ නිධානයක් ඇත්දැයි සොයා මේ වන විටත් කැණිම් ක්‍රියාත්මකය.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වේයන්ගොඩ පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතනවල නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම කැණීම් සිදුකෙරේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories