දොඩංගොඩ ගැලනිගම අධිවේගී මාර්ගයේ ගැලනිගම දෙසට 25.5 කිලෝමීටර කණුව අසලදී වාහන කිහිපයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ. අනතුරට ලක්වූ වාහන අතර ලොරි රථ දෙකක්, සුඛෝපභෝගි වෑන් රථයක් සහ කාර් රථයක් වේ.
මාතර දෙස සිට කොළඹ දෙසට හාල් රැගෙන ගිය ලොරි රථයක් ගමන් කරමින් තිබියදී ලොරි රථයේ දකුණු පිටුපස විදේශිකයන් රැගත් සුඛෝපභෝගී වෑන් රථය ගැටී ඇති අතර ඒ සමගම පිටුපසින් පැමිණි කාර් රථය ද වෑන් රථයේ ගැටී ඇති අතර, අනතුරින් ආරක්ෂිත වැටට ද හානි සිදුව තිබේ.
අනතුරින් විදේශිකයින් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.