අද (01) සිට අධිවේගී මාර්ගයන්හි ධාවනය වන සෑම වාහනයකම ඉදිරිපස සහ පසුපස ආසනවල සිටින මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කර ඇත.
මීට පටහැනිව කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මාධ්‍යට ප්‍රකාශ කර ඇත.
ආසන පටි නොමැති වාහන සඳහා, ඒවා සවි කර ගැනීමට මාස 3ක සහන කාලයක් ලබා දෙන බව වැඩි දුරටත් සඳහන්ය.