අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය තුළ ගිනි අවිය සඟවාගෙන නීතිඥවරයෙක් ලෙස වෙස් වලාගෙන පැමිණි ඝාතකයෙක් අද (19) අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී පාතාල නායක ‘ගණේමුල්ලේ සංජීව’ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු පොලිස්පතිවරයා මෙම තීන්දුව ගෙන ඇත.
අධිකරණ භූමියට ඇතුළුවීමට පෙර නීතිඥවරුන් පරික්ෂා නොකිරීමේ අවස්ථාව මෙම ඝාතකයා විසින් ප්‍රයෝජනයට ගෙන තිබුණු ආකාරය විමර්ශන අංශ වෙත තහවුරු වී තිබේ.
මෙම ආරක්ෂක ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් ඉල්ලා ඇති බව වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය.
සිද්ධියේ බරතලම තත්ත්වය වන්නේ අධි ආරක්ෂිත භූමියක් වූ අලුත්කඩේ අධිකරණ සභා ගර්භය තුළ මිනී මැරූ සැකකරුට කිසිම කරදරයකට ලක් නොවී එම භූමියෙන් පිටව යෑමට හැකි වීම බව ආරක්ෂ අංශවලට පෙනී ගොස් ඇත.
අධිකරණ පරිශ්‍රයේ වැඩි ආරක්ෂාවක් සඳහා සන්නද්ධ පිරිස් යෙදවීමට අදාළ බලධාරීන්ගෙන් අවසර ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.