2025 අගෝස්තු 15 සිකුරාදා, 04:53
නවතම පුවත්

අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවන්නේ නැහැ

ග්‍රීසියේ ආර්ථික අර්බුදය පිළිබඳව දැනුවත්ව සිටියදීත්, 2012 වසරේදී ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් බිලියන 1.8කට අධික මුදලක් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් දැවැන්ත පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුව, ලබන ඔක්තෝබර් 10 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය ඊයේ (ජූනි 26) නියෝග කළේය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
එම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි. කෙසේ නමුත් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඊයේ නොපවත්වා වෙනත් දිනයක් ඒ සඳහා නියම කරන ලෙස පැමිණිල්ල එනම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

නඩුව කැඳවූ අවස්ථාවේදී, පළමු විත්තිකරු වන අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල ඇතුළු විත්තියේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ, තමන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් මීට පෙර මහාධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව විත්තිකරුවන් අභියාචනාධිකරණයට අභියාචනා ගොනුකර ඇති බවයි. එම අභියාචනා ලබන සැප්තැම්බර් 19 වැනිදා අභියාචනාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බැවින්, ඉන් පසුව දිනයක මෙම නඩුව කැඳවන ලෙස ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

මෙම ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වූ මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ, තම අධිකරණය නිරතුරුවම ඉහළ අධිකරණවලට ගරු කරන බවත්, මින් පෙර ලබාදුන් නියෝගයකට එරෙහිව විත්තිය ඉහළ අධිකරණයට අභියාචනා ගොනු කර ඇත්නම්, ඉහළ අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තුරු නඩුව කැඳවීම නුසුදුසු බවට සිය අධිකරණය ද එකඟ වන බවත්ය.

නඩුව කල්තබන ලෙස නියෝග කරමින් විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, තම අධිකරණය කිසිසේත්ම සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවීමට අපේක්ෂා නොකරන බවයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories