2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 19:38
නවතම පුවත්

අධිකරණය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ බලකොටුව අයුක්තියේ ප්‍රහාරයෙන් ආරක්ෂා කරන හමුදාවක් – නව අගවිනිසුරුවරිය කියයි

ස්වාධීන සහ අපක්ෂපාතී යුක්තිය පසිඳලීමේ තීරකවරියක් ලෙස රටේ අධිකරණයේ අඛණ්ඩතාව, ස්වාධීනත්වය සහ අභිමානය ආරක්ෂා කිරීමට සිය නොසැලෙන කැපවීම ලබාදෙන බව ප්‍රකාශ කරමින්, අභිනව අගවිනිසුරුවරිය ලෙස පත් වූ ජනාධිපති නීතිඥ මුර්දු ප්‍රනාන්දු ඊයේ ප්‍රතිඥා දුන්නාය.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මෙම අදහස් පළකළේ මෙරට 48 වැනි අගවිනිසුරුවරිය ලෙස ඇය පිළිගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවැති උත්සවය අමතමිනි.

ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකගෙන් පසු අගවිනිසුරු ධූරයට පත් දෙවැනි කාන්තාව වන විනිසුරු මුර්දු ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමට සහ සාධාරණ පමණක් නොව විනිවිද පෙනෙන, ජනතාවට ප්‍රවේශ විය හැකි සහ වගකීම්සහගත අධිකරණයක් ගොඩනැගීමට තමන් අපේක්ෂා කරන බවයි.

“අධිකරණය, මට ප්‍රජාතන්ත්‍රවාදයේ බලකොටුව අයුක්තියේ ප්‍රහාරයෙන් ආරක්ෂා කරන සොල්දාදුවන්ගේ හමුදාවකට සමානයි. නීතිය ක්‍රියාකරන්නේ ව්‍යවස්ථාදායකය විසින් අපට ලබා දී ඇති සන්නාහය සහ පලිහ ලෙස වන අතර, එමඟින් අපේ රටේ පුරවැසියන් ආරක්ෂා කිරීම අපට පැවරී ඇත,” අගවිනිසුරුවරිය වැඩිදුරටත් පැවැසීය.

අභියාචනාධිකරණය, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ යන ආයතනවල විනිසුරුවරුන් පිරිසක් විසින් අභිනවයෙන් තේරී පත් වූ අගවිනිසුරුවරිය උත්සව සභාවේදී උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

“අපි අනාගතය දෙස බලන විට, සෑම පුරවැසියෙකුගේම ජීවිත තුළ යුක්තියේ වැදගත්කම මට සිහිපත් වේ. යුක්තිය යනු හුදු පරමාදර්ශයක් නොවේ; එය පවුල්, ප්‍රජාවන් සහ ජාතීන්ට බලපාන ජීවමාන, හුස්ම ගැනීමේ බලයකි. නීතියේ ආධිපත්‍යය බියෙන් හෝ අනුග්‍රහයෙන් තොරව සාධාරණව හා අපක්ෂපාතීව ක්‍රියාත්මක වන බවට සහතික වීම සහ මෙම ශුද්ධ වූ ආයතනයට ඇතුළු වන සෑම පුද්ගලයෙකුම, ඔවුන්ගේ පසුබිම කුමක් වුවත්, ඔවුන්ට සවන් දෙන, තේරුම් ගන්නා සහ ආරක්ෂා කිරීමට උත්සාහ කරන ක්‍රමයක් සොයා ගැනීම අපගේ යුතුකමයි” යනුවෙන් අගවිනිසුරුවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories