2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 දා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
එම අමාත්‍යාංශය සඳහන් කළේ සෑම පාසලකටම පෙර වර්ෂවලදී ඇතුලත්වූ ශිෂ්‍ය සංඛ්‍යාවට වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් වෘත්තීය විෂය ධාරාව සඳහා යොමුකිරීමට සැලැස්මක් සකස් කිරීමටද කලාප අධ්‍යාපන කාර්යාලවලට උපදෙස් ලබාදී ඇති බවය.
2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවවේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම හා විෂය ධාරාවේ අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු විදුහල්පතිවරුන්ට ලිපියක්ද යොමු කර ඇත