වයස අවුරුදු 70 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ගේ රුපියල් 3,000ක මාසික දීමනාවට අදාළ ගෙවීම් අද (20) සිට සිදු කිරීමට නියමිත බව ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය දැනුම්දී තිබේ.
මේ මාසයට අදාළ දීමනාව සහ හිඟ දීමනා තැපැල්, උප තැපැල් කාර්යාල හරහා ලබාදීමට කටයුතු යොදා ඇති බවයි.
කෙසේවෙතත් වැඩිහිටි මහ ලේකම් කාර්යාලය වැඩිදුරටත් සදහන් කරන්නේ අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන්ට හැර මෙතෙක් දීමනාව ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් මෙම ගෙවීම සිදු කරන බවයි.