2025 අගෝස්තු 15 සිකුරාදා, 05:33
නවතම පුවත්

අද සිට ඇරඹෙන බදු සංශෝධන

වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට අඩු පුද්ගලයින් සඳහා තැන්පතු මත පොලිය හෝ වට්ටම් සඳහා අයකරනු ලබන අත්තිකාරම් ආදායම් බදු සහනය ඉල්ලා සිටිය හැකි බවත් අදාළ බදු සහනය ඉල්ලා සිටීමට අපේක්ෂා කරනු ලබන පුද්ගලයින් බැංකු හෝ මූල්‍ය ආයතන වෙත ඒ සඳහා ස්වයං ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ඕනෑම තැන්පතු හිමියෙකුට ගෙවිය යුතු පොලිය හෝ වට්ටම් ගෙවීම මත සියයට 10ක අනුප්‍රමාණයකින් අත්තිකාරම් ආදායම් බදු අඩු කිරීමක් අද (01) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බැංකු සහ මූල්‍ය ආයතන වෙත දැනුම් දී තිබෙන අතර ඒ අනුව අද දිනයේ සිට ඕනෑම තැනැත්තෙකුට ගෙවිය යුතු මෙරට මූලාශ්‍රයක් සහිත පොලිය, වට්ටම් සහ ඉස්ලාමීය මූල්‍ය ගනුදෙනු මඟින් ලැබූ ආදායම් ගෙවීම් සඳහා රඳවා ගැනීමේ අනුයෝජිතයෙකු වශයෙන් කටයුතු කරන ඕනෑම බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් සියයට 10ක අනුප්‍රමාණයකින් අත්තිකාරම් ආදායම් බද්ද අඩු කළ යුතු වේ.

කෙසේවෙතත් අදාළ චක්‍රලේඛය මඟින් පොලී ආදායම සියයට 10ක අනුපාතයකින් අත්තිකාරම් අදායම් බද්දට යටත් වන නමුත් තක්සේරු වර්ෂය සඳහා ආදායම රුපියල් ලක්ෂ 18 නොඉක්මවන පුද්ගලයින් සඳහා බදු සහන ඉල්ලා සිටිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන අතර ඒ අනුව අදාළ තක්සේරු වර්ෂය සඳහා සියලුම ආදායම් මූලාශ්‍රවලින් තක්සේරු කළ හැකි ආදායම පිළිබඳව ස්වයං ප්‍රකාශයක් බැංකු හෝ මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කර එම බදු සහනය ඉල්ලා සිටිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බද්ද අයකර ගැනීම ද සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

මෙතෙක් රුපියල් ලක්ෂයක මාසික ආදායමක් ලබන පුද්ගලයෙකු සඳහා පනවා තිබූ පුද්ගල ආදායම් බද්ද අද දිනයේ සිට රුපියල් 150,000 දක්වා ඉහළ දමා ඇති බව සඳහන්ය.

ඒ අනුව අඩු අදායම්ලාභී බොහෝ පිරිසකට බදු සහන හිමිවන බව රජය පෙන්වා දෙයි.

මේ අතර දේශීය ආදායම් පනතේ සංශෝධනවලට අනුව විදෙස් රටවල් සඳහා සපයනු ලබන සේවාවලින් ලැබෙන ඉපැයීම් සඳහා වන සියයට 15ක බදු අයකර ගැනීම ද අද දිනයේ සිට ක්‍රියාත්මකයි.

ඊට අමතරව යම් දේපොළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව ද අද දිනයේ සිට ඉහළ දමා තිබේ.

මුදල් අමාත්‍යංශය සඳහන් කළේ රුපියල් 1,000ක් හෝ ඉන් කොටසක් සඳහා මෙතෙක් රුපියල් 10ක මුද්දර ගාස්තුවක් අයකළ අතර අද දිනයේ සිට එම ගාස්තුව රුපියල් 20 දක්වා ඉහළ දමා ඇති බවයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories