මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” එළිදැක්වීම අද සිදු විය.
සන්ධානය එළිදැක්වීමේ උත්සවය අද එනම්(05) දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදි පැවැත් වුහ.
ඉන් අනතුරුව කුලසානය ලකුණනින් යුත් “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” නමින් නව පෙරමුණ එළිදැක්වුණි.
එහි නායකත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් හොබවන අතර ලේකම් ලෙස අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පත් කර ඇත.