පළාත් පාලන ආයතන 114කට අයත් තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපැල් දෙපාර්තමේන්තුවට අද (07) දිනයේ භාරදීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසූ අතර අධිකරණ ක්‍රියාවලියෙන් අනතුරුව අනෙකුත් පළාත් පාලන ආයතනයන්හි තැපල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව එහි සභාපති ආර්.එම්.එල්.ඒ රත්නායක මහතා සඳහන් කළේය.
මේ අතර, තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසන්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපෑල වෙත භාරගැනීම සඳහා මේ වන විට සියලු කටයුතු සුදානම් බවත් ය.