රථවාහන තදබදය නිරීක්ෂණය කිරීම සඳහා අද (02) සිට යළිත් ඩ්‍රෝන කැමරා යොදවන බව පොලිසිය පවසයි.
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කරයි.
වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ඔහු පවසයි.