2026 මාර්තු 18 බදාදා, 19:06
නවතම පුවත්

අදත් වැහැලා හෙට පායනවලු

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් වන සුළි කුණාටුව පිළිබඳ දිවයින වටා ගොඩබිම, ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ‘රතු’ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම අනතුරු ඇඟවීමට අනුව නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය උතුරු වයඹ දෙසට ගමන් කර සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වී කන්කසන්තුරේ සිට කිලෝමීටර් 280ක් ඊසාන දෙසින් සහ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 310ක් පමණ උතුරු ඊසාන දෙසින් ඊයේ පස්වරු 2.30 වනවිට ස්ථානගත වී තිබිණි.

එය අද (30) දහවල් පමණ වන විට සුළි කුණාටුවක් ලෙස බටහිර වයඹ දෙසට ගමන් කර උතුරු තමිල්නාඩු-පුදුචේරි වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බව එම නිවේදනය පවසයි.

ඒ අනුව ඊයෙන් පසු මෙම පද්ධතිය දිවයිනේ කාලගුණයට කරන බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී.60ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

මඩකලපුව සිට ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට හමන සුළඟ පැ.කි.මී.60-70ක් දක්වා ඉහළ යා හැකිය.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ මීටර් 2.5-3.0 පමණ උසකින් වැඩි විය හැක. (මෙය භූමි ප්‍රදේශය සඳහා නොවේ)

මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැවත දැනුම් දෙන තුරු මඩකලපුව සිට ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු නොයන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා සිටියි.

හදිසි ආධාර සඳහා ප්‍රාදේශීය ආපදා කළමනාකරණ බලධාරීන් සම්බන්ධ කර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි උපදේශන පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories