2025 අගෝස්තු 15 සිකුරාදා, 15:38
නවතම පුවත්

අදත් වැහැලා හෙට පායනවලු

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් වන සුළි කුණාටුව පිළිබඳ දිවයින වටා ගොඩබිම, ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ‘රතු’ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම අනතුරු ඇඟවීමට අනුව නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය උතුරු වයඹ දෙසට ගමන් කර සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වී කන්කසන්තුරේ සිට කිලෝමීටර් 280ක් ඊසාන දෙසින් සහ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 310ක් පමණ උතුරු ඊසාන දෙසින් ඊයේ පස්වරු 2.30 වනවිට ස්ථානගත වී තිබිණි.

එය අද (30) දහවල් පමණ වන විට සුළි කුණාටුවක් ලෙස බටහිර වයඹ දෙසට ගමන් කර උතුරු තමිල්නාඩු-පුදුචේරි වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බව එම නිවේදනය පවසයි.

ඒ අනුව ඊයෙන් පසු මෙම පද්ධතිය දිවයිනේ කාලගුණයට කරන බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී.60ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

මඩකලපුව සිට ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට හමන සුළඟ පැ.කි.මී.60-70ක් දක්වා ඉහළ යා හැකිය.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ මීටර් 2.5-3.0 පමණ උසකින් වැඩි විය හැක. (මෙය භූමි ප්‍රදේශය සඳහා නොවේ)

මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැවත දැනුම් දෙන තුරු මඩකලපුව සිට ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු නොයන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා සිටියි.

හදිසි ආධාර සඳහා ප්‍රාදේශීය ආපදා කළමනාකරණ බලධාරීන් සම්බන්ධ කර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි උපදේශන පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories