නව රජය විසින් ද ලබන වර්ෂය (2025) සඳහා අය-වැය ලේඛනයක් වෙනුවට මාස 3ක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
ඒ මහ මැතිවරණය නොවැම්බර් 14 දා පවත්වා නොවැම්බර් 21 දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බැවින් අය-වැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති වීම මෙයට හේතුව වී තිබේ.
මේ අනුව මාස තුනක කාලයක් රාජ්‍ය වියදම් දැරීමට අතුරු සම්මත ගිණුමක් මගින් මුදල් ගෙන ලබන වසර මුලදී රාජ්‍ය අය-වැය ලේඛනය (2025) ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇතැයි ද වාර්තාවේ.