වෙෙළඳ වාණිජ, ආහාර සුරක්ශිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස පරිදි, ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ දැමීමට තීරණය කර ඇත.
පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභොගිකයින්ට අද (30) දින සිට ලබාගත හැකි බව දැනුම් දී ඇත.
භාණ්ඩ ලැයිස්තුව පහතින්,
භාණ්ඩය පැවති මිල (රු) නව මිල(රු.) ඉතිරිය (රු.)
ලොකු ලූනු(ආනයනික) 230.00 220.00 10.00
පාන් පිටි 175.00 165.00 10.00
සුදු සීනි 240.00 235.00 5.00
රතු පරිප්පු 288.00 285.00 3.00
සුදු කැකුළු (ආනයනික) 210.00 209.00 1.00