අත්‍යවශ්‍ය ප්‍රතිජීවක ඖෂධයක් වන Co-Amoxicillin 1000/200 MG එන්නත පිළිබඳව ජාතික ඖෂධ තත්ත්ව නියාමන රසායනාගාරයේ සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස එම ඖෂධයේ කාණ්ඩ 20ක් භාවිතයෙන් අත්හිටුවා තිබේ.
එසේ අත්හිටවා ඇති ඖෂධය භාවිතයට ගැනීම වහා ම නතර කරන ලෙසත්, ඖෂධ සැපයුම් අංශයේ අධ්යක්ෂ විසින් සෞඛ්‍ය සේවයේ ප්‍රාදේශීය අධ්යක්ෂවරුන්ටත්, ප්‍රාදේශීය සෞඛ්‍ය අධක්ෂවරුන්ටත්, ශික්ෂණ රෝහල්වල අධ්‍යක්ෂවරුන්ට සහ සෞඛ්‍ය සේවයේ අදාළ අංශවල ප්රධානීන්ටත් ජාතික නියාමන ඖෂධ අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාගේ වාර්තාවකට අනුව මෙම අවස්ථා කිහිපයකදී දැනුම් දීම කර තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානින්ගේ හිතවත්කම් මත ඖෂධ නිෂ්පාදන සමාගමක දක්වන විශේෂ වරප්‍රසාද යටතේ ඉහත ඖෂධයේ ප්‍රධාන සංඝටක වෙනත් සැපයුම්කරුවෙකු ලවා ආනයනය කර නැවත එම ඖෂධය සැපයීමට අවසර ලබා ගෙන තිබේ.
විශේෂයෙන් එම ඖෂධ සැපයීම අත්හිටුවා තිබියදී මෙසේ එය සැපයීමට අධිකාරියේ ප්‍රධානීන් මෙවැනි අවසරයක් ලබා දුන්නත් සිදුවිය යුතුව තිබුණේ එම ඖෂධ ලබාගැනීම වෙනුවට එය අතිහිටුවා තිබෙන තොගත් රෝහල් හා ෆාමසිවලින් ඉවත් කිරීමයි.
එහෙත් ඉහත නිලධාරීන් තම හිතවත්කම මත කර තිබෙන්නේ අත්හිටවූ එම ඖෂධය නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රධාන මූලධර්ම සංඝටකය වෙනත් සමාගමකින් ගෙන්වා ගෙන ඖෂධය නිෂ්පාදනය කර යළි සැපයීමට අවසර දීමයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඉතිහාසය තුළ මෙවැනි විශේෂ වරප්‍රසාදයක් කිසිම ඖෂධ නිෂ්පාදකයකුට හෝ සැපයුම්කරුවකුට ලබා නොදීම ය.
මෙම ඖෂධය භාවිත කිරීමෙන් අසාත්මිකතා ඇතිවී රජයේ රෝහල්වල රෝගී මරණ දහයක් පමණ වාර්තාවී තිබියදී ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ උපදෙස් මත ඉකුත් සැප්තැම්බර් 26 වන දා වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂගේ අත්සනින් නිකුත් කරන ලද 2024 ජනවාරි මාසයේ මෙම ඖෂධයේ ම කාණ්ඩයක් නැවත භාවිතයෙන් ඉවත්කොට තිබේ.
එසේ තිබියදී ජූලි 24 සහ අගෝස්තු 1 වන දා ප්‍රධාන මූලධර්ම සංඝටකය වෙනත් සමාගමකින් ගෙන්වා ගෙන එම ඖෂධ නිපදවීමට නැවත අවසරදී තිබේ.
භාවිතයෙන් ඉවත් කර තිබෙන එම ඖෂධ කාණ්ඩ රෝහල්වල තබා ගැනීමෙන් ඖෂධවල ව්‍යාකූලතා ඇතිවීමට ඉඩ තිබෙන බව ද පැවසේ