ඉන්දු – පාකිස්ථාන අර්බුදය යුදමය ගැටුමක් දක්වා වර්ධනය වුවහොත් එම දෙරට විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීම සීමා කිරීමට හෝ තහනම් කරනු ලැබීමට ඉඩ ඇති බැවින් එවැනි තත්ත්වයකදී ඒ දෙරටෙන් ආහාර ද්‍රව්‍ය ගෙන ඒමට බාධා මතු වීමෙන් මෙරට ආහාර සුරක්ෂිතතාවට බලපෑම් එල්ල විය හැකි බවට ආර්ථික විද්‍යාඥයෝ බිය පළ කරති.
ඉන්දුස් ජල ගිවිසුම ඒක පාර්ශ්වයට අත්හිටු වීමට ඉන්දියාව ගත් තීරණය හේතුවෙන් පාකිස්ථානයේ කෘෂි අස්වනු අඩු වුවහොත් ලංකාවට පාකිස්ථානයෙන් ආහාර ද්‍රව්‍ය ගෙන ඒම අසීරු වීමට ඉඩ ඇති බවත්, සහල්, අර්තාපල්, ලොකු ලුනු, පරිප්පු, සුදුලුනු, සූදුරු මාදුරු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් ඉන්දියාවෙන් හා පාකිස්ථානයෙන් ගෙන්වන අතර යම් හෙයකින් දෙරට අතර යුද්ධයක් ඇති වුවහොත් එම භාණ්ඩ ගෙන්වීමට බාධා ඇති වෙන බව ද ඔවුහු කියති.