පසුගියදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල දේශීය පුවත්පතකට, හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර ඇත.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා තම නීතිඥවරයා මාර්ගයෙන් රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
ඔහු මේවන විට තායිලන්ත සංචාරයක නිරතවෙමින් සිටියි.
2007 අංක 56 දරන ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (ICCPR) පනතේ 3(1) වගන්තිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ පෙත්සම්කරු විසින් කරන ලද ප්‍රකාශ වරදක්ද යන්න තීරණය කිරීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව 2025 අගෝස්තු 27 වන දින CID විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බව පෙත්සම්කාර පාර්ශවය පවසයි.