2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 13:15
නවතම පුවත්

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

මාලඹේ, හෝකන්දර, විස්කම් මාවත ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
පොලිසිය සඳහන් කළේ, මාලඹේ පොලිස් ස්ථානය නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කළ බව ත් එම අවස්ථාවේදී මෝටර් රථයක් නැවත්වීම සඳහා පොලිස් නිලධාරීන් විසින් සංඥා කරනු ලැබ ඇති බව ත් ය.

එම අවස්ථාවේදී මෝටර් රථය එක්වරම අධික වේගයෙන් පිටුපසට ධාවනය කර ඇති අතර පොලිස් නිලධාරියෙකු විසින් මෝටර් රථයේ රෝදයට වෙඩි තබා ඇති බව පොලිසිය පැවසීය.

එහිදී මෝටර් රථය අසල විදුලි කණුවක ගැටී නතර වී ඇති අතර අනතුරුව පොලිස් නිලධාරීන් විසින් සිදු කළ පරික්ෂාවේදී මෝටර් රථයේ රියැදුරු අසුන යට සඟවා තිබියදී මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, මෙම වැටලීමෙන් කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 800ක් මෝටර් රථයේ ප්‍රවාහනය කළ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් හා සැකකාරිය වයස අවුරුදු 33ක් වූ දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලකි.

වැඩිදුර විමර්ශනයේදී සැකකරුවන් පදිංචිව සිටින නිවසේ තිබී තවත් කේරළ ගංජා කිලෝග්‍රෑමයක පමණ ප්‍රමාණයක් හා ජාවාරම සඳහා යොදා ගත් තරාදිය සොයාගත් බව පොලිසිය සඳහන් කළේ ය.
මේ පිළිබඳව මාලඹේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories