අගවිනිසුරු ධුරයට මූර්දු ප්‍රනාන්දු පත් කිරීම සඳහා වන නිර්දේශයට, ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවිය.
ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු ඉකුත් ඔක්තෝම්බර් (10) වැනිදා දිවුරුම් දෙනලදි.
ඇය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි සිසුවියක් මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිණියකි.
ඇය 1985 වසරේ දී නීතිපති දෙපාර්තමේන්තුව හා එක්ව ඇති අතර 1997 වසරේ දී ඇය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක් ලෙසත් 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරටත් උසස් වී ඇත.