වත්මන් අගවිනිසුරු සහ ජනාධිපති නීතිඥ මුර්දු ප්‍රනාන්දු මහත්මිය ලබන ජූලි මස 27 වැනිදා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව, ඉදිරි දෙසතිය ඇතුළත නව අගවිනිසුරුවරයකු නම් කිරීමටත්, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගැනීමටත් රජයට සිදුවනු ඇත.
මුර්දු ප්‍රනාන්දු මහත්මිය දශක තුනකට වැඩි කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ධූරයට පත්වූවාය.