අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණ අද පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වී තිබේ .
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක්ද පවත්වා ඇත . එහිදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය .
” මම බාරව ඉන්න සියලුම අමාත්‍යාංශ වලට යනවා . එහිදී කාරණා කීපයක් මතු වුණා . ස්පෝට් ඇක්ට් එකක් තියෙනවා . ඒ අනුව ක්‍රීඩාවලදි කරන උත්සවවල වියදම් පාලනය කරන්න ඕන. ඒ වගෙම අපි ස්ත්‍රී පුරුෂ සමාජභාවය හිංසනය පිලිබදව ක්‍රියාමාර්ග ගන්න අවශ්‍යයි .
අපිට තව සති හයක කාලයක් තියෙන්නෙ . ඒ කාලය අතරතුර තමයි අමාත්‍යාංශ කටයුතු ඉදිරියට කරන් යන්නෙ . ඒ පිළිබඳව අද අපි සාකච්ඡා කරා . ඔබලගෙන් ලැබෙන සහයෝගය මම අගය කරනවා . ඉදිරියටත් හොදින් අපි මේ රට වෙනුවෙන් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා “