අකුරණ ප්‍රාදේශීය සභාවේ පාලන බලය, පැවති ඡන්ද විමසීමකින් අනතුරුව සමගි ජන බලවේගයට (SJB) හිමිව තිබේ. අද (ජූනි 12) උදෑසන පැවති සභාපති ධුරය සඳහා වූ ඡන්ද විමසීමේ දී, SJB අපේක්ෂක ඉස්තිහාර් ඉමාදුදීන් මහතා වැඩි ඡන්ද තුනකින් ජයග්‍රහණය කළ බව මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය නිවේදනය කළාය.
අකුරණ ප්‍රාදේශීය සභාවට හිමිව තිබූ සභික ධුර 30න්, අද දින ඡන්ද විමසීමට එක් අයෙකු සහභාගී නොවූ අතර, ඒ අනුව සභිකයින් 29 දෙනෙකු ඡන්දය භාවිත කළහ. සභාපති ධුරය සඳහා ජාතික ජන බලවේගයෙන් (NPP) ඉදිරිපත් වූ තාරික් අලී මහතාට ඡන්ද 13ක් හිමි විය.
මේ අතර, උපසභාපති ධුරය සඳහා පොදුජන එක්සත් පෙරමුණේ චමින්ද තිලකරත්න මහතා ඡන්ද 18ක් ලබා ගනිමින් පත්වූ අතර, NPP හි වසන්ත කුමාර මහතාට හිමි වූයේ ඡන්ද 11ක් පමණි.