2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 22:58
නවතම පුවත්

අක්කර භාගයක් දෙන බව කියා , ඡන්ද එක් රැස් කළ තිදෙනෙක් අත්තඩංගුවේ.

මැතිවරණ නීති උල්ලංඝනය වන කළැයි මුලතිව් පුදුකුඩුඉරිප්පු කයිවේලී ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපතිවරයා ඇතුළු තුන්දෙනෙක් පුදුකුඩුඉරිප්පු පොලිසිය ඊයේ (04) දා අත්තඩංගුවට ගෙන තිබේ .

කයිවේලි ප්‍රදේශයේ ජනතාවට කඩිනමින් ඉඩම් ලබාදීමේ ව්‍යාපෘතියක් දියත් කරන මුවාවෙන් එක්තරා දේශපාලන පක්ෂයකටයි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ .

මැතිවරණය අවසන් වීමෙන් පසු එක් අයෙකුට ඉඩම් අක්කර භාගය බැගින් ලබාදෙන බව කියමින් නාම ලේඛනයක් සකස් කර ඇති අතර අදාළ දේශපාලන පක්ෂයට ජනාධිපතිවරණයේදී ඡන්දය ලබාදෙන අයට පමණක් එම ඉඩම් ලබාදෙන බව වැඩිදුරටත් පවසා ඇත .

කෙසේ වෙතත් ඉඩම් ලබා ගැනීමට කැමති සහ අදාළ අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශය කිරීමට කැමති අයගෙන් ඉඩම් බලපත්‍ර ගාස්තු හා ලිපි ලේඛන ගාස්තු යැයි කියමින් රුපියල් 200ක්ද මෙම තිදෙනා එකතු කොට තිබේ .

කයිවේලි ප්‍රදේශයේ වැසියෙක් මුලතිව් දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට මෙම මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම ගැන පැමිණිලි කිරීමෙන් පසුව එම නිළධාරියා පොලිසිය සමග පැමිණ අදාළ පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ .

එම සැකකරුවන් තිදෙනා මේ වනවිට මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පුදුකුඩුඉරිප්පු පොලිසිය පියවර ගෙන ඇත .

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories