යටිනුවර ප්රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා, ඔහුගේ බිරිඳ සහ කුඩා දියණිය සිය යහලතැන්න පිහිටි නිවස තුළදී ඊයේ (ජූලි 28) සිය දිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසයි.
මෙම ඛේදවාචකය පිළිබඳව දැනගැනීමෙන් පසු වහාම ක්රියාත්මක වූ පොලීසිය, සිද්ධිය වූ ස්ථානයට SOCO (Scene Of Crime Officers) නිලධාරීන් යවා පරීක්ෂණ ආරම්භ කර තිබේ. මියගොස් ඇත්තේ විපක්ෂ නායකවරයා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ එකම දියණිය බව පොලීසිය තහවුරු කරයි.
මෙම සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වැඩිදුර පරීක්ෂණ මේ වනවිටත් ක්රියාත්මකයි.