2025 ජූනි 21 සෙනසුරාදා, 17:03
නවතම පුවත්

WhatsApp ගෘප් වලින් සිලබස් කවර් කරන එක තහනම්

කොවිඩ්-19 වසංගතයෙන් පසුව හඳුන්වා දුන් පාසල් ‘සමාජ මාධ්‍ය කණ්ඩායම්වල’ අහිතකර බලපෑම් අධීක්‍ෂණය කිරීම සහ අවම කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් විදුහල්පතිවරුන්ට සහ අදාළ අධ්‍යාපන බලධාරීන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්, ජේ.එම්.ටී ජයසුන්දර විසින් මෙම චක්‍රලේඛය නිකුත්කර ඇත.

කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා හඳුන්වා දුන් WhatsApp, Viber, Telegram වැනි සමාජ මාධ්‍යවල පාසල් කණ්ඩායම්වල අයහපත් බලපෑම් පිළිබඳ වාර්තා වාර්තා වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙස අදාළ විදුහල්පතිවරුන්ට සහ අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දෙන බව එම චක්‍රලේඛයේ සඳහන් වේ.

විශේෂයෙන් විෂය නිර්දේශ ආවරණය කිරීම සහ සිසුන් විසින් නිවසේ දී සිදුකළ යුතු අභ්‍යාස හා පැවරුම් ආදිය මෙම සමාජ මාධ්‍ය සමූහ ඔස්සේ සිදුකිරීමෙන් වැළකිය යුතු බවද අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ.

එසේම පාසල්වලට අදාළ සියලුම සමාජ මාධ්‍ය සමූහයන්හි පරිපාලක (Admin) ලෙස පාසල් ප්‍රධානීන්/නියෝජ්‍ය විදුහල්පති/සහකාර විදුහල්පති/අංශ ප්‍රධාන ගුරුවරුන් කටයුතු කළයුතු බවත් එමගින් අවධාරණය කර ඇත.

පහතින් දැක්වෙන්නේ අදාළ චක්‍රලේඛයේ සටහන් නිර්දේශ යි.

පාසල් ප්‍රධානීන්/නියෝජ්‍ය විදුහල්පති/සහකාර විදුහල්පති/අංශ ප්‍රධාන ගුරුවරුන් අදාළ සන්නිවේදන සමුහයේ (Whatsapp වැනි) පරිපාලක (Admin) ලෙස කටයුතු කරමින් නිරන්තර අධීක්ෂණය හා නියාමනය යටතේ ගුණාත්මක මට්ටමින් සන්නිවේදන සමූහය පවත්වාගෙන යා යුතුය.

අධ්‍යාපන කටයුතු සඳහා වෙන්කර ඇති පාසල් කාලය උපරිම ලෙස ප්‍රයෝජනයට ගෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සජීවීව සිදු කිරීමෙන් විෂය නිර්දේශය ආවරණය කිරීමට කටයුතු කළ යුතු අතර විෂය නිර්දේශ ආවරණය සඳහා සන්නිවේදන සමූහ භාවිතයෙන් වැළකිය යුතුය.

අධ්‍යාපන කටයුතු සඳහා සන්නිවේදන යෙදවුම් භාවිත කරන්නේ නම්, සුහුරු තාක්ෂණික උපකරණ පහසුකම් නොමැති දරුවන් අපහසුතාවයට පත් නොවන පරිදි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුවන බව සහතික කරගැනීම සඳහා සුවිශේෂී ක්‍රමවේද අනුගමනය කළ යුතුය.

විශේෂයෙන් ප්‍රාථමික අංශයේ සිසු දරුවන් විසින් පාසලට රැගෙන ආ යුතු ඉගෙනුම් ද්‍රව්‍ය උපකරණ ආදිය පිළිබඳව දැනුම් දීමේදී විධිමත් සැලැස්මකින් යුතුව ප්‍රමාණවත් කාලයක් ලබා දී දෙමාපියන් දැනුවත් කිරීම කළ යුතුය. ඒ පිළිබඳව සිහිකැඳවීම් යොමුකිරීම් සඳහා පමණක් සන්නිවේදන යෙදවුම් භාවිතය සීමා කිරීම සුදුසු වේ.

සිසුන් විසින් නිවසේ දී සිදුකළ යුතු අභ්‍යාස හා පැවරුම් ආදිය සිසුන්ට ලබාදීම් පාසල් පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අතරතුර පැහැදිලි කිරීමෙන් පමණක් සිදුකළ යුතු අතර දෙමාපියන් සහ පවුලේ අනෙක් සාමාජිකයින්ද අපහසුතාවයට පත් කරමින් ඉහත සන්නිවේදන යෙදවුම් මේ සඳහා යොදා නොගත යුතු බව තරයේ අවධාරණය කරමි.

පොදුවේ සලකන කල්හි මෙවැනි සන්නිවේදන යෙදවුම් භාවිතයේදී කිසිදු අයුරකින් සිසුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන සහ ඔවුන් මානසික පීඩනයට ලක්විය හැකි ආකාරයේ පණිවුඩ, වීඩියෝපට, ඡායාරූප, හඬපට, නිවේදන ආදී කිසිවක් යොමු කිරීම සිදුනොකළ යුතු අතර එවැනි සිදුවීම් වාර්තා වුවහොත් ඒ සම්බන්ධව විනයානුකූලව දැඩි පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු ලබන බව දන්වා සිටිමි.

රාජකාරිමය වශයෙන් සහ අධ්‍යාපන සංවර්ධනයට අදාළ වන ආකාරයේ සන්නිවේදන යෙදවුම් සමූහයන්වලට අමතරව අවිධිමත් ලෙස පාසල් ප්‍රජාව හා ගුරුවරුන් සම්බන්ධ කර ගනිමින් පවත්වාගෙන යනු ලබන සන්නිවේදන යෙදවුම් සමූහ මඟින් පාසලේ කිර්තිනාමයට හෝ පාසල් ප්‍රජාවට සහ සිසු දරුවන්ට විය හැකි හානි සම්බන්ධව අදාළ සමූහයන්හි පරිපාලකයින් විසින් පූර්ණ වගකීම දැරිය යුතු වේ. ඒ හා සම්බන්ධයෙන් මතුවන ගැටලුවලදී රටේ පවතින පොදු නීතිය සහ තොරතුරු සන්නිවේදන පනත අනුව නීතිමය පියවර ගනු ලබන බව ද දන්වමි.

නවතම පුවත්

web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
අලුත්ම ශ්‍රීලංකන් ගුවන් යානය සිය මංගල ගමන ඇරඹයි !
කොළඹ, ශ්‍රී ලංකාව...

උණුසුම් පුවත්

web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
අලුත්ම ශ්‍රීලංකන් ගුවන් යානය සිය මංගල ගමන ඇරඹයි !
කොළඹ, ශ්‍රී ලංකාව...

දේශපාලන

web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...

Categories