2025 වසරේ මුල් මාස කිහිපයේදී ලෝකයේ සමස්ත පුද්ගලයන් ඉලක්ක කර විවිධ වංචාවන් සිදු කළ WhatsApp ගිණුම් මිලියන 6.8 ක් ඉවත් කළ බව Meta සමාගම නිවේදනය කර ඇත.
වාර්තාවලට අනුව මෙසේ ඉවත් කරන ලද බොහෝ ගිණුම් අග්නිදිග ආසියාවේ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් පවත්වාගෙන යනු ලබන වංචා මධ්‍යස්ථානවලට සම්බන්ධව තිබූ බව අනාවරණය වී ඇත.
වංචනිකව වෙනත් පුද්ගලයන්ගේ WhatsApp ගිණුම් පැහැර ගැනීම මෙන්ම වෙනත් විෂමාකාර ක්‍රියාවලට භාවිත කරන ගෲප් චැට්වලට පරිශීලකයින් එකතු කර ගැනීම වැළැක්වීමට එම සමාගම මේවන විට ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.