2025 අගෝස්තු 15 සිකුරාදා, 21:14
නවතම පුවත්

The Eagle’s Viewpoint සංචාරකයින් සඳහා විවෘත වේ

නුවරඑළිය, ශාන්තිපුර ඊගල්ස් නැරඹුම් ස්ථානය (Eagle’s View Point) දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කර තිබේ.

එම නැරඹුම් ස්ථානය නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමේ සිට අඩි 6182 පමණ උසකින් පිහිටි ලංකාවේ උසම ගම්මානය වන ශාන්තිපුර ගම්මානය කේන්ද්‍ර කරගනිමින් ඉදිකර ඇත.

ඊගල්ස් නැරඹුම් ස්ථානය විවෘතකිරීම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් අද (26) සිදුකරන ලදී.

සංචාරක කර්මාන්තයේ දියුණුව තුළින් දේශීය ආර්ථිකයේ යහපැවැත්ම උදෙසා ශ්‍රී ලංකාව විදේශීය සංචාරකයින්ගේ ප්‍රධාන සහ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත්කරලීම මූලික අරමුණු කරගනිමින් 2024 ජූලි මස 31 වන දින ඉදිකිරීම් ආරම්භ කරනු ලැබු මෙම ‘ඊගල්ස් නැරඹුම් ස්ථානයේ ඉදිකිරිම් කටයුතු සඳහා ශ්‍රම දායකත්වය ඉංජිනේරු සහය සැලසුම් කිරිම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්ය.

ඒ සදහා මුල්‍ය දායකත්වය සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සපයනු ලැබිය.

අද දින විවෘත කරනු ලැබු ‘ඊගල්ස් නැරඹුම් ස්ථානයේ (Eagle’s View Point)’ සිට සංචාරකයින්හට නුවරඑළිය නගරය, පේදුරු තැන්න, පිදුරුතලාගල, හග්ගල, ග්‍රෙගරි වැව කිකිළියාමාන්න කදුපංතිය, ශ්‍රීපාදය, සප්තකන්‍යා කදුවැටිය සමගින් ඌව පළාතේ සොබාදහමේ සුන්දරත්වය නැරඹීමේ හැකියාව පවතී.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories