2025 අගෝස්තු 15 සිකුරාදා, 20:00
නවතම පුවත්

NGO කුමන්ත්‍රණ ගැන හොයන්න පොහොට්ටුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රට තුළ ක්‍රියාත්මක වන ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධාන (NGO) විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා ඇති අතර, ඒවායේ අරමුදල් සහ විනිවිදභාවය පිළිබඳ ගැටළු මතුවී ඇති බව පෙන්වාදෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් මෙම ඉල්ලීම කළේය.

සමහර රාජ්‍ය නොවන සංවිධාන නිසි ලියාපදිංචියකින් තොරව ක්‍රියාත්මක වන අතර හෙළිනොකළ විදේශ අරමුදල් ලබාගනිමින් සිටින බව චෝදනා ක රයි.

එම ප්‍රකාශයට අනුව, නාමල් ඊයේ දින කථානායකවරයාට ලිපියක් යවමින් කමිටුව පත්කිරීම යෝජනා කරමින්, එය පත්කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම කමිටුවට සහාය දක්වන බව සඳහන් කරයි.

මෙම සංවිධාන, යුද්ධයෙන් අනතුරුව නැවත පදිංචි කිරීම සහ දරිද්‍රතාවය පිටුදැකීම යන තේමාවලට මුවාවෙන් ක්‍රියාත්මක වුවද, ඒවායේ මූල්‍ය මූලාශ්‍ර සහ ක්‍රියාකාරකම් අපැහැදිලිව පවතින බව මන්ත්‍රී නාමල් ප්‍රකාශ කරයි.

“නමුත් වසර ගණනාවක් පුරා දේශීය ජනමාධ්‍ය වාර්තා මගින් මෙම රාජ්‍ය නොවන සංවිධාන සමහරක් ලියාපදිංචි නොවී ක්‍රියාත්මක වන බව පෙන්වාදී ඇති අතර, ඔවුන්ගේ අරමුදල් පැමිණෙන්නේ කොහෙන්ද යන්න පිළිබඳ කිසිදු ඉඟියක් ලබා දී නැත,” යැයි ඔහු පැවි.

ශ්‍රී ලංකාව එවැනි අනතුරු ඇඟවීම් බැරෑරුම් ලෙස ගෙන ජාතික ස්ථාවරත්වය සඳහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට නාමල් තර්ක කරයි.

“ඇමරිකානු රජය විසින් පැහැදිලිවම සැකයක් මතු කර ඇති විට, ශ්‍රී ලංකාව අනතුරු ඇඟවීම් පිළිබඳව විමර්ශනය කළයුතු අතර රටේ යහපත හා ස්ථාවරත්වය සඳහා පරීක්ෂණයක් පැවැත්විය යුතුය,” ඔහු තවදුරටත් පවසයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories