අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නමට ලියාපදිංචි කර තිබූ වාහන එකසිය තිස්නවයක් (139) අතුරුදන්ව ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ වාර්තාවකින් හෙළි වී ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි. ඊයේ (අගෝස්තු 11) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළ ස්ටාලින් මහතා, අතුරුදන් වූ වාහන සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලි මැදිහත්වීමක් සිදුකළ යුතු බව අවධාරණය කළේය.
මෙම විගණන වාර්තාවේ තවත් කරුණු කිහිපයක් ද මෙහිදී අනාවරණය විය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා 2020, 2021 සහ 2022 වසරවලදී රුපියල් මිලියන 5,219ක් සහ ජාතික අධ්‍යාපන ආයතනය මගින් රුපියල් මිලියන 350ක් වියදම් කර ඇතත්, සැලසුම් කළ පරිදි ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අසමත් වී ඇති බව වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම, 2024 මැයි මාසය වන විට උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්ගේ පාසල් පැමිණීම සීමා වී ඇති බවත්, එයට හේතුව බොහෝ සිසුන් පෞද්ගලික පන්ති (ටියුෂන්) සඳහා යොමුවීම බවත් එහි සඳහන් වේ.
තවද, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ද්විතීයික මට්ටමේ නිලධාරී පුරප්පාඩු 880ක් සහ ප්‍රාථමික මට්ටමේ පුරප්පාඩු 2,418ක් පවතින බවත් මෙම විගණන වාර්තාවෙන් හෙළි වී තිබේ. චීන රජයෙන් ප්‍රදානයක් ලෙස ලැබුණු සුහුරු පුවරු 500ක් පාසල් පද්ධතිය තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක නොකර, 2024 අගෝස්තු 08 වනදා තවත් සුහුරු පුවරු 1,000ක් මිලදී ගැනීමට කටයුතු කර ඇති බව ද ස්ටාලින් මහතා වැඩිදුරටත්