2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:02
නවතම පුවත්

LTL සමාගමට එරෙහි පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභා කරයි

LTL Holdings (Private) Limited සමාගමට සම්බන්ධ ව්‍යාපාරික ගනුදෙනුවල නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ ප්‍රතික්ෂේප කරනු ලැබීය.

LTL Holdings (Pvt) Limited හි මූලික මහජන නිකුතුව සහ LTL Holdings හි ලංකා විදුලිබල මණ්ඩලයේ කොටස් සීමාසහිත වෙස්ට් කෝස්ට් පවර් (පෞද්ගලික) සමාගම වෙත පැවරීම පෙත්සම්කරුවන් විසින් අභියෝගයට ලක් කරන ලදී.

ඊට සම්බන්ධ අදාළ පාර්ශ්වයන්ගේ කරුණු දැක්වීම් දීර්ඝ ලෙස විභාගයට ගැනීමෙන් අනතුරුව මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට තීරණය කර තිබේ.

එම පෙත්සම් තවදුරටත් විභාගයට ගැනීම අවශ්‍ය නොවන බව තීරණය කළ අධිකරණය එය නිෂ්ප්‍රභ කළේය.

සමගි ජන බලවේගයේ මුජිබර් රහ්මන්, නිරෝෂන් පාදුක්ක, K. R. C. කළුආරච්චි සහ J. T. මල්ලිකාරච්චි ඇතුළු පෙත්සම්කරුවන් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.

අනුෂ්ක ඇතුලත්මුදලි සමඟ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

සීමාසහිත L.T.L. Holdings (Private) Limited වෙනුවෙන් රුක්ෂාන් සේනාධීර සමඟ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පෙනී සිටියේය.

සීමාසහිත වෙස්ට් කෝස්ට් පවර් (පෞද්ගලික) සමාගම වෙනුවෙන් රිෆා මුස්තාපා සමඟ ජනාධිපති නීතිඥ ෆර්සානා ජමීල්, නිලූක වෙල්ගමගේ උපදෙස් මත නිශාන්ත සිරිමාන්න සහ ෂහානි මැකී පෙනී සිටියහ.

සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල්, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ සුරේන් ඥානරාජ් පෙනී සිටියහ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories