2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 05:59
නවතම පුවත්

Kandy Samp Army කණ්ඩායමේ හිමිකරුට දුන් තීන්දුව

2024 වසරේ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැති ලෙජන්ඩ් ලීග් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතාට තරග පාවාදීම සඳහා යෝජනා කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු Kandy Samp Army කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික යෝගී පටෙල් නමැත්තාට මාතලේ මහාධිකරණය මගින් බරපතළ වැඩ සහිත වසර 04 ක සිරදඬුවම් නියම කර තිබේ.
ඊට අමතරව විත්තිකරුට රුපියල් මිලියන 85ක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම නඩුවේ පැමිණිලිකාර උපුල් තරංග මහතා වෙත රුපියල් මිලියන දෙකක වන්දියක් ගෙවන ලෙසත් නියෝග කළ බව වාර්තා වේ.
මෙම විත්තිකරු මේ වනවිට අධිකරණය මඟහැර රටින් පලාගොස් සිටින අතර ඔහු නොමැතිව මෙම නඩු විභාගය පැවැත්වුණි.
ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තු ද නිකුත් කර තිබේ

නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බවය.
ඒ අනුව ඔහුට මෙම දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.
2024 වසරේ මහනුවර, පල්ලකැලේ ක්‍රීඩාංගනයේ පැවැති ලේජන්ඩ් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක උපුල් තරංග මහතාට ක්‍රිකට් තරග පාවාදීම සඳහා යෝජනා කිරීම තුළින් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව මාතලේ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබුණි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories