2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 13:58
නවතම පුවත්

HNB මහා පුටුව දමිත් පල්ලෙවත්තට

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා,HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා සහ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස පත් කර ඇත.

මහ බැංකුවේ අනුමැතිය පරිදි, පසුගිය 22 වැනිදා සිට දමිත් පල්ලෙවත්ත මහතා, සිය නව තනතුරේ රාජකාරි ආරම්භ කළ බව HNB බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. HNB යනු මෙරට වාණිජ බැංකු ක්ෂේත්‍රයේ පැරැණිතම බැංකුවකි.

දමිත් පල්ලෙවත්ත මහතා, පසුගිය අප්‍රේල් මාසයේ සිට HNB බැංකු වේ, වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද කටයුතු කරමින් සිටියේය.

දමිත් පල්ලෙවත්ත මහතා, වසර 27 කට වැඩි පලපුරුද්දක් ඇති, සුදුසුකම් ලත් බැංකු සහ අවදානම් කළමනාකරණ වෘත්තිකයෙකි. ජ්‍යෙෂ්ඨ ආයතනික කළමනාකරුවකු ලෙස ඔහුගේ පලපුරුද්ද වසර 14 කි.

පල්ලෙවත්ත මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණ පශ්චාත් උපාධියක්, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති (MBA) උපාධියක්, මෙන්ම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ, London School of Economics වෙතින් කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ද හිමි කරගෙන ඇත. ඔහු Lanka Ventures PLC සහ LVL Energy Fund PLC හි සභාපති/අධ්‍යක්ෂ ලෙස ද සේවය කර ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories