2025 අගෝස්තු 15 සිකුරාදා, 07:15
නවතම පුවත්

E8 විසා විරෝධතාකරුවන් අඛණ්ඩ විරෝධතාවක

E8 විසා ක්‍රමය යටතේ කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් සිටින පිරිස අද (24) අලුයම වන විටත් එම ස්ථානයේම රැඳී සිටි බව අප වාර්තාකරු පැවසීය.

E8 විසා ක්‍රමය යටතේ දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් සිටින පිරිසක් ඊයේ (23) පෙරවරුවේ විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණි.

ඒ තමන්ට කොරියාවේ රැකියා සඳහා වීසා ලැබී ඇතත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නොසැලකිල්ල මත ඒ සඳහා පිටත්ව යාමට නොහැකිව ඇතැයි චෝදනා කරමිනි.

අනතුරුව උද්ඝෝෂකයින් විදේශ සේවා නියුක්ති කාර්යංශය අසල පදික වේදිකාවේ තාවකාලික ඉදිකිරීමක් සිදු කිරීමට උත්සාහ දැරීමත් සමග එහි පැමිණි පොලිස් නිලධාරින් සහ උද්ඝෝෂකයින් අතර නොසන්සුන් තත්ත්වයක් හටගත්තේය.

උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ පැවති රජයේ අමාත්‍යවරයෙකු නිසි ක්‍රියා පටිපාටියෙන් පරිභාහිරව ගිවිසුම අත්සන් කර තිබීම හේතුවෙන‍් E8 වීසා ක්‍රමය යටතේ අදාළ පිරිස ලියාපදිංචි කිරීම ප්‍රශ්නගත වී ඇති බවය.

එබැවින් මේ වනවිට මෙම ගැටලුව සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද එම නිලධාරියා පැවසීය.

කෙසේවෙතත් අද අලුයම් කාලය වන විටත් විරෝධතාකරුවන් එම ස්ථානයේ රැඳී සිටි බව අප වාර්තාකරු සඳහන් කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories