2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 09:19
නවතම පුවත්

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට අයැදුම්පත් කැඳවයි!

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සලකා බැලීමකින් තොරව උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා මේ දිනවල අයැදුම්පත් කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම වසරේ හෝ පසුගිය වසර 2ක් ඇතුළත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඕනෑම සිසුවකුට තම ප්‍රදේශයේ වෘත්තීය විෂය ධාරාව සහිත පාසලක 12 ශ්‍රේණිය සඳහා අයැදුම් කළ හැකිය. මෙමගින් සිසුන්ට උසස් පෙළට ඇතුළත් වී 13 ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබමින්, දෙස් විදෙස් පිළිගැනීමක් සහිත ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ 4) ලබා ගැනීමට අවස්ථා සැලසෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

12 ශ්‍රේණියට ඇතුළත් වන සිසුන්ට මෘදු කුසලතා සංවර්ධනය හා වෘත්තීය ක්ෂේත්‍ර හඳුන්වාදීම අරමුණු කරගත් මොඩියුල අධ්‍යයනය කළ හැකි වේ. 13 ශ්‍රේණියේදී සිසුන් සුදුසු වෘත්තියක NVQ 4 මට්ටමේ පුහුණුවක් සඳහා රජයේ වෘත්තීය පුහුණු ආයතනයකට පාසල විසින්ම සම්බන්ධ කරනු ලැබේ. මෙහිදී සිසුන්ට වෘත්තීය පුහුණු ආයතනයක මෙන්ම රැකියා ස්ථානයක ප්‍රායෝගික පුහුණුවද ලබා ගත හැකිය.

මෙම වෘත්තීය විෂය ධාරාව යටතේ සිසුන්ට පුළුල් පරාසයක පුහුණු අවස්ථා හිමි වේ. ඒ අතරට සංචාරක හා ආගන්තුක සත්කාරය, මෝටර් රථ හා රථ වාහන තාක්ෂණ ශිල්පය, තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය හා සත්කාර සේවා, මැණික් හා ස්වර්ණාභරණ තාක්ෂණය, රූපලාවණ්‍ය, කලා ඇතුළු ශිල්ප, ආහාර නිෂ්පාදනය, ඇඟලුම්, විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, ලෝහ පිරිසැකසුම්කරණය, පෑස්සුම් ශිල්පය, යන්ත්‍ර ක්‍රියාකරවීම, ඉදිකිරීම් කර්මාන්තය, ගෘහ අලංකරණය, උද්‍යාන අලංකරණය, කෘෂි හා වැවිලි කර්මාන්තය, ජලජ සම්පත් තාක්ෂණ ශිල්පය, ක්‍රීඩා, ජීවිතාරක්ෂක හා කිමිදුම් ශිල්ප, වෙළෙඳ හා සැපයුම් යන ක්ෂේත්‍ර රැසක් අයත් වේ.

මෙම වැඩසටහන මගින් පාසල් හැර යන සිසුන්ට ප්‍රායෝගික වෘත්තීය කුසලතා ලබාදී, රැකියා වෙළෙඳපොළට සාර්ථකව පිවිසීමට අවස්ථාව සැලසීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ වී ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories