2025 අගෝස්තු 16 සෙනසුරාදා, 15:34
නවතම පුවත්

යුද්ධ හමුදා 75 වන සංවත්සරයට පැල 75000ක් ජාතියට

පැල 75000ක් රෝපණය කිරිමේ වැඩසටහනක් යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මුලිකත්වයෙන් ආරම්භ කර තිබෙනවා.

ඒ, යුද්ධ හමුදා 75 වන සංවත්සර දිනයට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයක් අනුවයි.

ඒ අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ සුරතින් යුධ හමුදා මුලස්ථාන පරිශ්‍රයේ ‘රත් හදුන්’ පැලයක් රෝපණය කරමින් මෙම වැඩසටහන සමාරම්භය සටහන් කළා.

ඊට සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා කෘෂිකර්ම ව්‍යාපෘති භූමියෙහි පැල රෝපණය කිරීම සිදුකරනු ලැබුවා.

සියළුම යුද්ධ හමුදා ආරක්‍ෂක සේනා ආවරණය වන පරිදි ආරක්ෂක සේනා, බලසේනා මුලස්ථානයන් හා ඒකක ආවරණය වන පරිදි පැල 37,365 ක් සිටුවීම එහිදී සිදුකළා.

වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය හා විවිධ පරිසර ක්‍රියාකාරින් විසින් ඒ සදහා සම්පත් දායකත්වය ලබා දී තිබුණා.

තවද රාජ්‍ය දැව සංස්ථාවේ සම්පත් දායකත්වයෙන් ලබාදෙන ලද පැල 2500ක් ගාල්ල, කරන්දෙණිය, වැලිකන්ද, කන්දකාඩු, ඉරණමඩු, මුලතිව් හා වව්නියාව ප්‍රදේශයන්හි පාසල් 25 කට අධික ප්‍රමාණයක සිසු දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් රෝපණය කර තිබෙනවා.

කුරුදු පැල 15000 ක ප්‍රමාණයක් යුද්ධ හමුදා ගොවිපොල කොහිලවගුරවත්ත කඳවුරු භූමියේද, ටීඊජෙසී (TEJC) අඹ පැල 1500 ක ප්‍රමාණයක් ද ඉරණමඩු හා ආඩියාපුලියන්කුලම යුද්ධ හමුදා ගොවිපොලයන්හී රෝපණය කරන ලද අතර මෙයට අමතරව යුද්ධ හමුදා ගොවිපොලයන් හි පැල 15000 ක් රෝපණය කිරිමද ටිජේ ලංකා පුද්ගලික ආයතනය අනුග්‍රහක දායකත්වයෙන් සිදුකරනු ලැබුවා.

නවතම පුවත්

1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

උණුසුම් පුවත්

1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories