ඔක්තෝබර් මාසයේදී ගෑස් මිල සංශෝධනයක් නොකරන බව ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය සඳහන් කළේ ය.
ඒ අනුව, අවසන් වරට ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය වූයේ පසුගිය ජුනි මාසයේදී ය.
මේ වනවිට, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,680ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,477කට එම සමාගම අලෙවි කරනු ලබයි