2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 21:21
නවතම පුවත්

රනිල් ජාත්‍යන්තරයෙන් වැඳලා ඉල්ලලා.

රටේ මීළඟ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ දී ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව ස්වාධීන ජනාධිපතිධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ ජනතාව නිවැරදි තීරණයක් නොගතහොත් රට තුළ යළිත් ආර්ථික අර්බුදයක් හටගනු ඇති බවය.

අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ පැවති ජනරැලියක් අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

“වෙළෙඳාමයි, ගොවිතැනයි නැති වුණොත් මුස්ලිම් ජනතාව ඉවරයි. ඉතින් මුස්ලිම් කොංග්‍රසයෙන් අහන්න කාටද වෙළෙඳාම දියුණු කරන්න පුළුවන් ? කාටද ගොවිතැන දියුණු කරන්න පුළුවන් කියලා. ඒ ගැන හිතලා ඡන්දෙ දෙන්න. ජීවන බර වැඩියි කියනවා. හරි මමත් පිළිගන්නවා. රුපියල තව ශක්තිමත් කරලා ඊළඟ අවුරුද්දේ ජීවන බර තවත් සැහැල්ලු කරනවා. ජීවන බර වැඩියි කියන සජිත්ගෙනුයි, අනුරගෙනුයි අහනවා ඇයි මේක භාරගෙන ජීවන බර අඩුකළේ නැත්තේ? ඔයාලා දුවලා ගියා. මට භාරදුන්නා. දැන් මම භාරගත්ත රට ගෙනියන්නේ. ඉතින් ඔයාලට ද ආපහු ආර්ථිකය භාරදෙන්නේ. කොච්චර අමාරු වුණත් 2022, 2023 යල කන්නයේ, 2023 මහ කන්නයේ, 2023 – 2024 යල කන්නයේ, 24 මහ කන්නයේ ඔක්කෝගෙන්ම සල්ලි හම්බවුණා. ඊළඟ යල කන්නයටත් සල්ලි හම්බවෙනවා. මම ලෝක බැංකුවට කතා කරලා, සමන්තා පවර්ට කතා කරලා වැඳලා මේ ගත්ත පොහොරවලින් ඒක දීලා තිබුණේ. ඒ වෙලාවේ කොහේ ද සජිත් හිටියේ, කොහේද මුස්ලිම් කොංග්‍රසය හිටියේ. ඔයගොල්ලන්ට ද ඡන්දේ දෙන්නේ. ඉල්ලෙයි…ඉල්ලෙයි…එහෙම නම් අනාගතය දිහා බලලා සැප්තැම්බර් 21 ගෑස් සිලින්ඩරය ළඟින් කතිරේ ගහන්න. නැත්නම් ගෑසුත් නෑ, අනගතයත් නෑ.:”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories