2025 අගෝස්තු 16 සෙනසුරාදා, 11:13
නවතම පුවත්

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය නැහැ කියන කතාව බොරු.

රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීම පිළිබඳව මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල මැදිහත්වීම කුමක් ද? යන්න තමාට ගැටලුවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වැටුප් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර අවසන් බව කී ජනාධිපතිවරයා නිරීක්ෂණ සංවිධාන මැදිහත්වීම ස්වාධීන ද? දේශපාලනික ද? කියා පැහැදිලි නැතැයි සඳහන් කළේ ය.

කොළඹ ගාලුමුව‍ෙදාර හෝටලයේ පසුගිය දා (සැප්. 9) පැවති ‘ආස්ක් රනිල් (AskRanil) ‘තරුණ හමුවේදී යොමුවූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව කීවේ ය.

රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී නැති බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරන කරුණ ඇත්තදැයි තරුණ නියෝජිතයෝ විමසා සිටියහ.

වැටුප් වැඩි කිරීම් සම්බන්ධයෙන් ඉල්ලීම් තිබූ බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් උදය ආර්. සෙනවිරත්න කමිටුව පත් කළ බව ත් එම කමිටුව ලබා දුන් වාර්තාව රජය ක්‍රියාත්මක කරන බව ත් කීවේ ය.

ලොව අනෙක් රටවල් මෙන් රටේ අනාගතය නිර්මාණය කර ගැනීමේ අවස්ථාව තරුණ පරපුරට ලබා දීමට මාර්ගය සකසා දෙන බව පැවැසූ ජනාධිපතිවරයා බොරු සටන් පාඨ කියමින් සිදු කරන සාම්ප්‍රදායික දේශපාලනය හේතුවෙන් ලොව දියුණු රටවලට වඩා ඉදිරියෙන් සිටි අප රට පසුපසට ඇද වැටුණු බව සඳහන් කළේ ය.

මේ අතර, 2025 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නොමැති බවට පළ වන වාර්තා සාවද්‍ය යැයි ජනාධිපති කාර්යාලය පවසයි.

අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 24/1609/601/097 වූ, ‘‘රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස පත් කරන ලද විශේෂඥ කමිටුවේ අතුරු වාර්තාව” යන මැයෙන් ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් 2024 -8-12 වන දින අමාත්‍ය මණ්ඩල සන්දේශය යොමු කළ බව ද එම කාර්යාලය සඳහන් කරයි.

මෙම අතුරු වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලා සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම අතුරු වාර්තාවේ 3 ඡේදයේ සඳහන් (3.1) සිට (3.18) දක්වා වන නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම සහ එකී අතුරු වාර්තාවේ සඳහන් නිර්දේශ 2025 වර්ෂය සඳහා වන අය-වැයට ඇතුළත් කර ක්‍රියාත්මක කිරීම පිණිස අනුමැතිය ලබාදීම සිදු කර ඇතැයි ද ජනාධිපති කාර්යාලය පවසයි

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories