2025 අගෝස්තු 16 සෙනසුරාදා, 15:56
නවතම පුවත්

මහ රෑ ගෙට පැන සෙබළ බිරිඳ කෙළසලා

රාත්‍රි කාලයේ නිවසකට ඇතුළ් වී එහි නිදා සිටි සෙබළ බිරිඳකගේ ගෙලට උල් පිහියක් තබා තර්ජනය කර ඇයට ලිංගික අතවර කර පලා ගියැයි වාහල්කඩ පොලිසිය මගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ .

අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරු මෙම මස 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් කසුන් කාංචන දසනායක නියෝග කළේය .

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ වාහල්කඩ ඩී පහ ලිපිනයේ පදිංචි සම්පත් ධර්මදාස නමැති තිස් එක හැවිරිදි විවාහක පුද්ගලයකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් වාහල්කඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කළේ පැමිණිලිකාර කාන්තාව ඇගේ දියණිය සමඟ රාත්‍රි කාලයේ නිවසේ නිදා සිටින අතරතුර සැකකරු නිවසට ඇතුළු වී මෙම අපරාධය සිදුකර ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බවය.

සැකකරු මෙලෙස තමාට ලිංගික අතවර සිදුකළේ ගෙලට උල් පිහියක් තබා මරණ බවට තර්ජනය කරමින් බව සඳහන් කළ වින්දිත කාන්තාව නිශ්චිතවම සැකකරු හඳුනාගෙනද තිබේ .

වහල්කඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක W.A.A සම්පත් ගේ උපදෙස් පරිදි අදාළ පරීක්ෂණ කටයුතු ඉදිරියටත් සිදු කරමින් පවතියි.

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories