2025 අගෝස්තු 16 සෙනසුරාදා, 11:49
නවතම පුවත්

බොරැල්ලේ අනතුර කළ රියදුරා ගංජා පානය කර ඉදලා!

බොරැල්ල, කනත්ත හන්දියේ සිදු වූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකර රියදුරු ගංජා පානය කර සිටි බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා.

අද (ජූලි 28) උදෑසන රාජගිරිය දෙස සිට බෞද්ධාලෝක මාවත දෙසට ධාවනය වෙමින් තිබූ දොඹකරයක් කනත්ත වටරවුමේ මාර්ග සංඥා අසල නවතා තිබූ යතුරුපැදි 6ක සහ මෝටර් රථ 3ක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

අනතුරින් අවුරුදු 62ක් වූ අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වුණා. කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ, තුවාල ලැබූ එක් අයෙක් රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බවයි.

තුවාල ලැබූ තවත් පුද්ගලයන් 7 දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඔවුන් අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් පස්දෙනෙකු වන බව වෛද්‍යවරයා සඳහන් කළා.

අනතුර සිදුකළ දොඹකරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, දොඹකරයේ තිරිංග අක්‍රිය වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරනවා. බොරැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිනවා.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories