දිවයිනට බලපා ඇති තද සුළං තත්ත්වය ජූලි 25 වනදා දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (19) නිවේදනය කළේය. නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමඟ පහළ වායුගෝලයේ හටගෙන ඇති කැළඹිලි ස්වභාවය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත.
ඒ අනුව, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරුමැද පළාත්වලට පැයට කිලෝමීටර් 60 දක්වා වූ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර් 40 දක්වා තද සුළං ඇති විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස මහජනතාවට දැනුම් දී ඇත.