හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අද (30) පස්වරුවේ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වී තිබේ.
එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිස දිගු කාලයක් තිස්සේ එම පක්ෂය නියෝජනය කළ ලොකුගේ පසුව මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද, ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ විසින් පිහිටුවන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද එක් විය. හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යන විට 82 වෙනි වියේ පසු විය.